Gossip Lanka News [Hot News]

Underground news from sri lanka

PuvathLanka Extra

Gossip Lanka News. Powered by Blogger.

About Me

My Photo
GossipLankaNews lk
View my complete profile

Archive

සියළු සරසවි සිසුන්ගේ ඇඟලි සලකුණු පරිඝණක ගත කිරීමේ ක‍්‍රමවේදයක් සකසමින් සිටින බව ඇමති එස්.බී. දිසානායක කියයි. විශ්ව විද්‍යාල පද්ධති පරිඝණකගත කිරීමේ වැඩපිලිවෙලේ කොටසක් ලෙස සිසුන්ගේ පැමිණීම සනාථ කිරීම සඳහා මෙම ඇඟිළි සලකුණු ගැනීමේ ක‍්‍රමය යොදා ගැනීමට නියමිතය. ඒ අනුව ඉදිරියේදී සියළුම විශ්ව විද්‍යාලවලට පැමිණ සිටින සිසුන් පිළිබඳව තම කාර්යාලයේ සිට දැන ගත හැකි යයිද ඇමතිවරය පවසයි.
Read More »

යුරෝපා සංගමය විසින් කොටි තහනම ඉවත් කිරීම ගැන ශ‍්‍රී ලංකාව නඩු පැවරීමට සූදානම් වන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය. මීට අදාල පියවරයන් රාජතාන්ත‍්‍රික මට්ටමින් ඉදිරියේදී ගෙන ඒමටද බලධාරීන් කටයුතු කරනු ඇතැයිද කී එම නිලධාරියා මෙම තීණය හේතුවෙන් මතුවන ආරක්‍ෂක තත්වය සම්බන්ධයෙන් අවාධානයෙන් පසුවන බවද සඳහ
න් කලේය.
Read More »

පැය විසිහතරක් ඇතුලත විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නට තමන් සූදානම් යයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. දෙමළ සන්ධාන හා දෙමළ ඩයස්පෝරාව ශ‍්‍රී ලංකාව බෙදා වෙන් කිරීමේ අදහස ඉවත් කරගතහොත් තමන් පැය 24ක් ඇතුලත විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව කී ඒ මහතා එය කල හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හිමි සන්ධානයට පමණක් බවද කීවේය. ජනාධිපතිවරයා මේ අදහස් පල කලේ ඊයේ අරලියගහ මන්දිරයේ පැවති හෙද සංගමයේ සාමාජිකයන් හමුවේදීය.
Read More »

මේ දිනවල ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා විදුලි බලාගාර ආශ්‍රිතව ජලාශවල ජල මට්ටම ඉහළ ගියද ඒවායේ මුළු ජල ධාරිතාව විදුලිය උත්පාදන කටයුතු සඳහා යොදා නොගැනීමට තීරණය ඇත. එම ජලය කෘෂිකර්මාන්ත කටයුතු සඳහා යෙදවීමේ අපේක්ෂාවෙන් එම තීරණය ගත් බව ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනජිත් දසනායක මහතා සඳහන් කරයි. තාප බලාගාරවල දායකත්වයෙන් ප්‍රමාණවත් විදුලි සැපයුමක් ලැඛෙන බැවින් විදුලි උත්පාදනයට කිසිදු ගැටලූවක් නොමැති බවද දසනායක මහතා සඳහන් කරයි.
Read More »

ජනාධිපතිවරණයට තමන් තුන් වන වරට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් කිසිවෙකුට හෝ ප‍්‍රශ්ණයක් ඇතිනම් අධිකරණයට යන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. අරලියගහ මන්දිරයේ පැවති උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙසේ අදහස් පල කලේය. ලොව බලවත් ජාතීන්ට අද අවශ්‍ය වී ඇත්තේ රටේ ජාතික හැඟීම් බිඳ දමා වහල් සමාජයක් ගොඩනගන පඹයන් බලයට පත් කරගැනීම බවද ජනාධිපතිවරයා එහිදී කීය.
Read More »

ජාත්‍යන්තර ආහාර ප‍්‍රතිපත්ති පර්යේෂණායතනය ඉදිරිපත් කළ වාර්තාවක් අනුව දකුණු ආසියාවේ කුසගින්නේ සිටින ජනතාව අඩුවෙන්ම සිටින රට ශ‍්‍රී ලංකාව බව හෙළිව ඇත. වාර්තාව අනුව ශ‍්‍රී ලංකාව ලෝක කුසගින්න මැඬීමේ දර්ශකයේ 39 වැනි ස්ථානයට තේරී පත්ව ඇති අතර එය දකුණු ආසියා කලාපය තුළ ඉදිරියෙන්ම සිටින රටය. මෙම වාර්ෂික වාර්තාව සකසා ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින රටවල් 175 ක් ඇසුරෙනි.
Read More »

තුන්වන වර ජනාධිපතිවරණයකට ඉදිරිපත් මවී ගැන තමන් සමග විවාදයකට පැමිණෙන ලෙෂ හිටපු අගවිනිසුරැ සරත් නන්ද සිල්වා මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අභියෝග කරයි. මහනුවරදී පැවති රැස්වීමකදී අදහස් පල කරමින් ඔහු කියා ඇත්තේතමන් කිසිම අවස්ථාවක බිය නොවන බවත්, තෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන මහින්ද රාජපක්ෂ මහතා කුමන මාර්ගයකින් හෝ ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීමට අති දක්ෂයෙක් බවත්ය. ‘මොනවා හරි ගුණ්ඩුවක් ගහලා මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණය දිනා ගනීවි කියල ජනතාව කියනවා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා එතුමාගේ ධූර කාලය අවසන් වීමට පෙර ව්‍යවස්ථාව වෙනස් කරල මැතිවරණය පවත්වල දෙවෙනි වර ජනාධිපති වුණා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයත් එදා කළේ හොරකමක්. මහින්ද රාජපක්ෂ මහත්තයා ඉගෙන ගත්තෙත් ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගෙන්. ඒකාධිපති පාලකයෝ කුණු කූඩෙට යැවීමට ජනතාව පියවර ගත යුතුයි’ යයිද ඒ මහති එහිදී කීය.
Read More »

මේ මස 19 වන දින ආරම්භ කිරීමට සූදානමින් සිටි උතුරු අධිවේගී මාර්ගය සහ මහනුවර අධිවේගී මාර්ගය ඉදි කිරීමේ කටයුතු ආරම්භ කිරීම කල් දමා තිබේ. ඒ අනුව ඒවියේ ඉදිකිරී ම්ආරම්භ කිරීම ලබන මාසයේදී සිදුවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
Read More »

තුන්වන වර ජනාධිපතිවරණයකට ඉදිරිපත් මවී ගැන තමන් සමග විවාදයකට පැමිණෙන ලෙෂ හිටපු අගවිනිසුරැ සරත් නන්ද සිල්වා මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අභියෝග කරයි.
 මහනුවරදී පැවති රැස්වීමකදී අදහස් පල කරමින් ඔහු කියා ඇත්තේතමන් කිසිම අවස්ථාවක බිය නොවන බවත්, තෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන මහින්ද රාජපක්ෂ මහතා කුමන මාර්ගයකින් හෝ ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීමට අති දක්ෂයෙක් බවත්ය.
 ‘මොනවා හරි ගුණ්ඩුවක් ගහලා මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණය දිනා ගනීවි කියල ජනතාව කියනවා.
ජේ.ආර්. ජයවර්ධන මහත්තයා එතුමාගේ ධූර කාලය අවසන් වීමට පෙර ව්‍යවස්ථාව වෙනස් කරල මැතිවරණය පවත්වල දෙවෙනි වර ජනාධිපති වුණා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයත් එදා කළේ හොරකමක්.
මහින්ද රාජපක්ෂ මහත්තයා ඉගෙන ගත්තෙත් ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගෙන්. ඒකාධිපති පාලකයෝ කුණු කූඩෙට යැවීමට ජනතාව පියවර ගත යුතුයි’ යයිද ඒ මහති එහිදී කීය.
Read More »

ඩොලර් 5300සිට ඩොලර් 3500 දක්වා ලෝක වෙළදපොළේ කිරිපිටි මිල විශාල ලෙසපහත වැටීම හේතුවෙන් දේශීය වෙළෙඳපොළේ කිරිපිටි මිල පහළ දැමීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත. මේ පිළිබඳව කිරිපිටි සමාගම් සමග සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි මිල පහත වැටීමට හේතුව ලෙස සැලකෙන්නේ ඔස්ටේ‍්‍රලියාවේ කිරි නිෂ්පාදනය සියයට හයකින් ඉහළ යාමයි. කෙසේ වෙතත් අදාල සමාගම් පවසන්නේ කිරි පිටි මිල අඩු කිරීමේ තීරණයකට මෙතෙක් එළැඹ නොමැති බවයි.
Read More »

තමන් ආණ්ඩුව අතහැර එජාපයට යන බවට පලවන වාර්තා අසත්‍ය බව රාජ්‍ය කළමනාකරණ ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
 තමා එ.ජා.ප. යට එක් වීමේ සූදානමක් ගැන පැතිර යන දේශපාලන ආරංචිවල කිසිදු සත්‍යතාවක් නොමැති බව පවසන ඇමතිවරයා කුමන හේතුවක් නිසා හෝ තමා යළිත් එක්සත් ජාතික පක්ෂයට එක් වන්නේ නැතැයිද අවධාරණය කරයි.
Read More »

ඌව පළාත් සභාවේ නව ඇමතිවරුන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය.
 ඒ අනුව එම පළාතේ නව ඇමතිවරු වන්නේ
අනුර විදානගම, චාමර සම්පත් දසනායක, සෙන්දිල් තොණ්ඩමාන් හා කුමාරසිරි රත්නායකයි. ශෂීන්ද්‍ර රාජපක්ෂ – මුදල් හා ක‍්‍රමසම්පාදන, නීති හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, ඉඩම්, සංස්කෘතික, සමාජ සුබසාධන, ග‍්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන හා ඉදිකිරීම් අනුර විදානගමගේ – කෘෂිකර්ම, වාරිමාර්ග, සත්ත්ව නිෂ්පාදන, මිරිදිය ධීවර කර්මාන්ත සහ සංචාරක කුමාරසිරි රත්නායක – සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමා රක්ෂක සහ වනිතා කටයුතු සෙන්දිල් තොන්ඩමන් – මාර්ග සංවර්ධන, නිවාස, ජල සම්පාදන, වතු යටිතල පහසුකම් සංවර්ධන චාමර සම්පත් දසනායක – ක‍්‍රීඩා , යෞවන කටයුතු හා විදුලිබල හා බලශක්ති, පේෂකර්ම සහ සමූපකාර
Read More »

ඉදිරියේ දී පිහිටුවන එජාප ආණ්ඩුවෙන් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අකුරටම ක‍්‍රියාත්මක කර රටේ ජනතාවට පොදු ප‍්‍රතිපත්තියක් යටතේ සැලකීමට කටයුතු කරන බව එමප ක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. උතුරේ ජනතාවට එක් නීතියකුත්, දකුණේ ජනතාවට එක් නීතියකුත් වර්තමානයේ ක‍්‍රියාත්මක වන බවත්, මේ නිසා රටේ සෑම ජන කොට්ඨාසයකටම අසාධාරණකම් සිදුවෙමින් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය. උතුරේ ජනතාවට තිබෙන ප‍්‍රශ්නයට වඩා සබරගමුවේ ජනතාවට තිබෙනා ප‍්‍රශ්නය වෙනස් බවත්, මෙම වෙනස් බව තේරුම්ගෙන රට තුළ පොදු ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කළහොත් සිංහල, මුස්ලිම්, දෙමළ ඇතුළු ජන කොට්ඨාසවලට ඇති වී තිබෙන ප‍්‍රශ්න විස`දිය හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
Read More »

මීළග ජනපතිවරණය ප‍්‍රකාශයට පත් කරන දිනයේම ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් එ.ජා.ප. යට එක් වන බව එමප ක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝශප් මයිකල් පෙරේරා කියයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සදහන් කලේ මෙසේ එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වන මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් මේ මොහොතේ කිසිවක් හෙළි කළ නොහැකි බවයි. ආණ්ඩුවට ගෑස්, තෙල් සහ කිරි පිටි මිල සුළු ප‍්‍රමාණයකින් හෝ අඩු කිරීමට සිදු වූයේ මේ තත්ත්වය නිසා යැයි ද ඔහු එහිදී සඳහන් කළේය.
Read More »

Cartoons Of the Day

GossipLankaNews

d

Gossip Lanka News

Recent gossip Posts