Gossip Lanka News [Hot News]

Underground news from sri lanka

PuvathLanka Extra

Gossip Lanka News. Powered by Blogger.

About Me

My Photo
GossipLankaNews lk
View my complete profile

Archive

බොරතෙල්වලට ලබා දී ඇති සහනයෙන් ප‍්‍රයෝජන ගැනීමට සංස්ථා බලධාරීන් කටයුතු නොකිරීම නිසා පසුගිය 29 වැනිදා සිට දිනකට ලක්ෂ 200 කට අධික පාඩුවක් සංස්ථාවට සිදුවන බව ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත මහතා සඳහන් කරයි.
පසුගිය 29 වැනිදා සිට සංස්ථාවේ බොරතෙල් පිරිපහදු කිරීමට කටයුතු කළත්, ඒ තුළින් පෙට‍්‍රල් සහ ඞීසල් නිෂ්පාදනය නොවීම නිසා එම අවශ්‍යතාවන් සැපරීමට පිරිපහදු කළ පෙට‍්‍රල්, ඞීසල් ලබා ගැනීමට දිනකට ලක්ෂ 150 කුත්, නිෂ්පාදන කටයුතු සිදුනොවී තිබියදී පිරිපහදුව ක‍්‍රියාත්මක කිරීම නිසා දිනකට ලක්ෂ 50 කට අධික බොරතෙල් ප‍්‍රමාණයකුත් දැවී යන බවද ඔහු පවසා සිටියේය.
මේ නිසා අද වනවිට ඛනිජ තෙල් සංස්ථාව රුපියල් ලක්ෂ 3600 ක් පාඩු ලබා තිබෙන බවද ලේකම්වරයා සඳහන් කළේය.
මේ තත්ත්වය සැලකිල්ලට ගෙන වහාම පිරිපහදුව වසා දමා පූර්ණ අලූත්වැඩියාවක් සිදුකරන ලෙසත්, එසේ නොවුණහොත් ජනතාවට සහන ලබාදීමට බොරතෙල් සඳහා ලබා දී ඇති බදු සහනය ගඟට කැපූ ඉනි මෙන් වන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

Cartoons Of the Day

GossipLankaNews

d

Gossip Lanka News

Recent gossip Posts